මො/විජයබාහු මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

තෙවන වාර විභාගය -2024 (2025/01/09 දින ආරම්භ කරන ලදි )

අලුත් පාසල් වාරය ආරම්භය සදහා පාසල පිරිසිදු කිරීම

ගෘහ විද්‍යා ප්‍රදර්ශනය

පන්ති රැස්වීම පැවැත්වීම

LIV_0865.jpg
LIV_0865.jpg

 

ඌව පළාතේ, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය අධ්‍යාපන කලාපයේ බුත්තල කොට්ඨාශයට අයත් ඔක්කම්පිටිය නගරයේ සිට බෝගස් හන්දිය මාර්ගයේ 50m දුරින් මො/ විජයබාහු ද්වීතියික පාසල පිහිටා ඇත. වර්ෂ 1957 දී සිසුන් 21 දෙනෙකු හා ගුරු භවතුන් තිදෙනෙකුගෙන් පාසල ආරම්භ කර ඇත. විද්‍යාලයේ ආරම්භක විදුහල්පති වුයේ P.A.J. ගනේපොළ මහතා ය.

1967 වර්ෂයේදී පාසල,  මහා විද්‍යාලයක් ලෙස නම් කෙරිනි. වර්ෂ 1974 දී ප්‍රථම වරට විද්‍යාලයෙන් සිසුන් තිදෙනෙකු සරසවි වරම් ලැබු හ. වර්ෂ 2006 දී පාසලේ නාමය “විජයබාහු මහා විද්‍යාලය” ලෙස වෙනස් කරන ලද අතර, 2012 වර්ෂයේ දී ද්විතියික පාසලක් ලෙස සංවර්ධනය කෙරිනි. වර්තමානය වන විට සිසුන් 992 ක් හා ගුරුභවතුන් 46 දෙනෙකු ඉගෙනුම්-ඉගැන්වීමේ ක්‍රීයාවලියෙහි නිරත වන අතර හත් දෙනෙකුගෙන් යුතු සංවර්ධන නිලධාරී සහ එක් අයෙකුගෙන් යුතු අනධ්‍යන කාර්යමණ්ඩලයක් සිටී. S.M.N.වික්‍රමසිංහ මහතා පාසලේ වර්තමාන විදුහල්පතිතුමන් ලෙස කටයුතු කරයි.