පුවත් හා විශේෂ අවස්ථා
අප පාසලේ වෙසක් උත්සවයට සමගාමීව ප්‍රදේශයේ වැඩිහිටියන් කිහිප දෙනෙකු සදහා වියලි සලක මලු ලබාදෙන ලදී.
පසුගිය ජාතික පොසොන් උත්සවයට සමගාමීව අප පාසලේ පවත්වන ලද පොසොන් බැති ගී සරණිය සදහා අප පාසලේ සිසු දරු දැරියන් ශ්‍රේණි මට්ටමින් සහභාගී විය.
මො/විජයබාහු මහා විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල පසුගිය මාර්තු මාසයේදී ඉතා උත්කර්ෂවත් ලෙස පාසලේ ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.මහා වැසි නොතකමින් අප පාසලේ සිසු දරු දැරියන් තම නිවාස ජයග්‍රහණය සදහා ක්‍රියාශීලිව ඉදිරිපත්වීම දක්නට ලැබුණි.
අප පාසලේ බලදක්ෂිකාවන් විසින් ප්‍රථමවරට පවත්වන ලද මල් දන්සල පසුගිය පොසොන් පොහොය දිනයේදී පුරාණ දෙමටමල් රජමහා විහාරයේදී පවත්වන ලදී.
ගෘහ විද්‍යා විෂය හදාරන සිසු සිසුවියන් හා එක්ව පවත්වන ලද ගෘහ විද්‍යා සිසු නිර්මාණ එලි දැක්වීමේ ප්‍රදර්ශනයක් පසුගිය දා අප පාසලේදී පැවැත්විණි.